වෑන් රථයක් දුම්රියක ගැටී සිදුවු අනතුරකින් අයෙක්ට තුවාල

Share

තලාව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී වෑන් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත් එක් පුද්ගලයෙකු තුවාල ලබා තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ප්‍රදේශවාසීන් පවසන්නේ දුම්රිය ආරක්ෂිත ගේට්ටුවේ සේවකයකු නොමැති වීම හේතුවෙන් මෙම ස්ථානයේ අනතුරු බහුලව සිදුවන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තලාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Read more

Local News