නීතිවිරෝධීව ඕස්ට්‍රේලියා ගිය 13ක් පිටුවහල් කරයි

Share

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු එරටින් පිටුවහල් කර, විශේෂ ගුවන් යානයකින් අද(16) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

මෙම සියලු දෙනා පිරිමි පුද්ගලයින් වන අතර, ඔවුන් හලාවත ප්‍රදේශයෙන් බහු දින ධීවර යාත්‍රා මඟින් ඕස්ට්‍රේලියාව වෙත ගොස් තිබේ.

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අද උදෑසන 6.30 ට පමණ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත, එරට ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසකගේ රැකවරණය යටතේ එවා තිබුණි.

මේ වනවිට මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගැනීමෙන් පසුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ.

Read more

Local News