2010, 2015 දී මෝඩ වැඩක් කළ බව තලතා කියයි

Share

මෙවර ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය තුළින් සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යෙන් ඉදිරිපත් කරන බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කලේ ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාම වැඩපිළිවෙළ යටතේ රුපියල් මිලියන 48000 ක රජයේ දීප ව්‍යාප්ත වැඩ පිළිවෙල මගින් සංවර්ධනය කළ බලංගොඩ ඉහළ දහමාන මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය,

“අපි ගොඩාක් අමාරුවෙන් ආණ්ඩුව හැදුවේ. ආණ්ඩුව අර ගෙන මාස තුනෙන් කුණු කන්ද කඩා වැටුණා. ගිය අවුරුද්ද වෙන කොට මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැති ජනාධිපති වෙන්න තියෙන හීනය නිසා අපි පත් කරපු ජනාධිපතිතුමාත් එක්ක එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදීව ලේ බිංදුවක් හොල්ලන්නේ නැතිව පත් කරපු ආණ්ඩුව ගන්න හැදුවා.

ආයේ නම් පිට එක්කෙනෙකුට ඡන්දය දෙන්නේ නැහැ කියනවා. ඔබ වගේ තමයි මමත්. 2010 මෝඩ වැඩක් කළා. 2015 මෝඩ වැඩක් කළා. අනිවාර්යයෙන්ම මේ සැරේ අපි සජිත් ප්‍රේමදාස මහත්තයාව කොහොම හරි ගන්නවා. ඒ ගැන ඔය ගොල්ලෝ සැකයක් තියා ගන්න එපා. අපේ අගමැතිතුමා හොඳයි.

එතුමාට තියෙන නායකත්වය එතුමාගේ පරිණත බව අපි අගය කරනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමා තමයි නැති බැරි අය ඇති හැකි අය අඩු ආදායම් ලාභි අය නංවන්න කටයුතු කරන්න ඕන කියලා වැඩ කළේ ඒ මතයේ මමත් ඉන්නවා“ යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Read more

Local News