ශ්රී ලංකා අමරපුර නිකාය හා රාමඤ්ඤ නිකාය ඒකාබද්ධ කිරීමේ ගිවිසුමට එම නිකායන්හි මහ නා හිමිවරුන් විසින් අත්සන් තබා තිබේ.
ඒ අනුව එම නව නිකාය “ශ්රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමාග්රී මහා සංඝ සභාව” ලෙස නම් කෙරෙනු ඇති.
අද(16) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී විශේෂ සංග සම්මේලනයක් කැඳවමින් අදාල ගිවිසුමට අත්සන් තැබීම සිදුවුණි.