නව සංඝාවාස දෙකක් සඟ සතු කොට පූජා කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

Share

“පිබිදෙමු පොළොන්නරුව“ දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ දිස්ති‍්‍රක්කයේ ආගමික පුනර්ජීවනය අරමුණු කර ගනිමින් ඉදිකරන ලද වැලිකන්ද, මොණරතැන්න ශ‍්‍රී ධර්මවිජයරාම විහාරස්ථානයේ අභිනව සංඝාවාස ගොඩනැඟිල්ල සහ නෙළුම්වැව ලංකාපුර රජමහා විහාරස්ථානයේ ප‍්‍රතිසංස්කරණය කරන ලද සංඝාවාස ගොඩනැඟිල්ල සඝ සතු කොට පූජා කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් ඊයේ(18) පස්වරුවේ සිදු විය.

පළමුව මොණරතැන්න ශ‍්‍රී ධර්මවිජයාරාම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් අතර අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර නව සංඝාවාස ගොඩනැඟිල්ල විවෘත කරනු ලැබීය.

නව සංඝාවාස ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 05 කි.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් විහාරස්ථාන පරිශ‍්‍රයේ පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

පොළොන්නරුව, නෙළුම්වැව ලංකාපුර රජමහා විහාරයේ රුපියල් මිලියන 02ක් වැය කරමින් ප‍්‍රතිසංස්කරණය කරන ලද නව සංඝාවාස ගොඩනැඟිල්ල සඝ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක් විය.

සංඝාවාස ගොඩනැඟිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.

Read more

Local News