ශ්‍රීලනිපය පාවා දීමට කටයුතු කරන පිරිසක් සිටින බව එස්.බී කියයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් තවමත් තම පක්ෂය එක්සත් ජාතික පක්ෂයට පාවා දීමට කටයුතු කරමින් සිටින බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

මහනුවරදී ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමේ කටයුත්ත සිදු කළ බව දන්නා බව ද එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂයකට දෙවෙනි විය යුතුම නැති බවත් නමුත් ගොඩනැගීමට නියමිත පුළුල් පෙරමුණේ නායකත්වය හිමි විය යුත්තේ පොදු ජන පෙරමුණට බවත් ඒ මහතා කියා සිටියේය.

එසේම අපේක්ෂකයෙකු නම් කිරීමේ අයිතිය හිමි විය යුතු වන්නේ ද පොදු ජන පෙරමුණට බවත් එස් බී දිසානායක මහතා කියා සිටියේය.

ශ්‍රීලනිපය තුළ පක්ෂය ගෙන ගොස් සජිත් ප්‍රේමදාස මහතාගේ ඔඩොක්කුවේ තැබීමට උත්සාහ දරණ පිරිසක් සිටින බවත් නමුත් එය කිසිදා සාර්ථක නොවනු ඇති බවත් එස් බී දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News