උමා ඔය ව්‍යාපෘතියේ වන්දි කඩිනමින් ගෙවීමට පියවර

Share

මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසුවේ උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මෙතෙක් වන්දි නොලැබූ ජනතාවට නියමිත වන්දි කඩිනමින් ගෙවීමට පියවර ගන්නා බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා මේ බව පැවසීය..

ගැටළු සොයා බැලීමට කමිටුවක් ද පත් කර ඇතැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා, මේ වනවිට වන්දි ගෙවීමට ඇති සංඛ්‍යාව 1687ක් බව සඳහන් කළේ ය. මේ වනවිටත් මිලියන 521 ක මුදලක් ගෙවීම් වශයෙන් සිදු කර ඇතැයි කී අමාත්‍යවරයා, උමා ඔය ජල කාන්දුව අවම කිරීමට කටයුතු කර ඇතැයි ද පැවසී ය.

Read more

Local News