ළිඳකට වැටී කුඩා දරුවෙකු මරුට

Share

පොතුවිල් පොලිස් වසමේ ආර්.එම් නගර්, පොතුවිල් ප්‍රදේශයේදී වයස අවුරුදු හතර හමාරක කුඩා පිරිමි දරුවෙකු ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම දරුවා ඊයේ(18) රාත්‍රි තම නිවස පිටුපස පිහිටි ළිඳකට වැටී මෙලෙස මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මරණය දියේ ගිලීමෙන් සිදුව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වීමෙන් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

Read more

Local News