පොල්ලකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරයි

Share

සියඹලාණ්ඩුව පොලිස් වසමේ මාරාව, කළුගොල්ලවත්ත, දොඹගහවෙල ප්‍රදේශයේ දී ඊයේ(19) රාත්‍රී 10.55 ට පමණ පොල්ලකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.

කෙසේ වෙතත්‍ මේ සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරු මත සියඹලාණ්ඩුව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

‍පහර දීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 37 ක් වු දොඹගහවෙල පදිංචි කෝනාර මුදියන්සේලාගේ සමන් ද සිල්වා යන අයෙකි.

මෘත ශරීරය සිද්ධිය වු ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර, සැකකරු මේ වන විට හඳුනාගෙන තිබේ.

ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට සියඹලාණ්ඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News