ජර්මනියේ ඩසල්ඩෝෆ් ප්‍රදේශයේ දුම්රිය අනතුරක්

Share

ජර්මනියේ ඩසල්ඩෝෆ් ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත. මේ අතරින් මගීන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මීර්බුෂ් ප්‍රදේශයේ දුම්රියපොළක් අසලදී එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ මගී ප්‍රවාහන දුම්රියේ පුද්ගලයින් 155ක් පමණ සිටි බව සහන සේවා අංශ පවසයි. දුම්රියේ සිර වී සිටින මගීන් බේරා ගැනීම සඳහා සහන සේවකයින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Read more

Local News