හෙරොයින් ග්‍රෑම් 22.54 ක ප්‍රමාණයක් ඡාවාරම් කිරීමට වරදකරු කරනු ලැබූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම තීන්දුව අද (21) ලබා දී ඇත.
2007 නොවැම්බර් මස 26 වන දා මට්ටක්කුලිය ප්‍රදේශයේ දී මෙම විත්තිකරු වන හල්පිට පතිරණගේ දොන් නිශාන්ත පෙරේරා නැමැත්තා ඇතුළු තවත් තිදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 51 යි මිලිග්‍රෑම් 300 ක ප්‍රමාණයක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
එහි පළමු හා දෙවන විත්තිකරුවන් නඩු විභාගය අතර තුර දී මිය යෑම හේතුවෙන් මෙම විත්තිකරුට එරෙහිව පමණක් නඩුව පැවැත්විය.
අද දිනයේ දී ඉහත චෝදනාවට වරදකරු කළ අවස්ථාවේ දී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඔහුගේ වයස සහ කර ඇති වරදේ ස්වභාවය අනුව ලිහිල් දඩුවම් ලබා දෙන්නයි ඉල්ලා සිටියේය.
කෙසේ නමුත් එම විත්තිකරු පැදවු ත්‍රීරෝද රථයේ කැබින් එකේ තිබී එම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ එම තමා සන්තකයේ එම හෙරොයින් තබා ගැනීම හේතුවෙන් විත්තිකරු පැහැදිලි ලෙසම එකී මත්ද්‍රව්‍ය ඡාවාරමට සහය දක්වා ඇතැයි පෙන්වා දුන් රජයේ අධිනීතිඥ නිසාරා ජයරත්න මෙනවිය විත්තිකරුට ලබා දිය හැකි උපරිම දඩුවම් දෙන ලෙස ඉල්ලා තිබේ.
එම කරුණු විමසා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය.