වෛද්‍ය වැඩ වර්ජනය හෙට

Share

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෙට (22) සිට පැය 24 ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

හෙට උදෑසන 08.00 සිට වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත බවට වාර්තා වෙයි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ හා රජයේ රෝහල් වල පවතින ඖෂධ හිඟය, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මෙම වැඩ වර්ජනයට හේතු වී තිබේ.

සියලූම මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, වකුගඩු රෝග ප්‍රතිකාර ඒකක සහ ත්‍රිවිධ හමුදාවේ රෝහල් තුළ වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

Read more

Local News