නීති විරෝධීව මැණික් ගරමින් සිටි හයක් අත්අඩංගුවට

Share

බගවන්තලාව, චැපල්ටන් වත්ත ප්‍රදේශයේදී නීති විරෝධීව මැණික් ගරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බගවන්තලාව පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 29ත් 44 ත් අතර වයසේ පසුවන බගවන්තලාව ප්‍රදෙශයේම පුද්ගලයින් පිරිසක් බව සදහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (22) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News