JMI සංවිධානයේ තවත් සාමාජිකයෙක් අත්අඩංගුවට

Share

ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් සංවිධානයේ සාමාජිකයෙකු අම්පාර පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරැ මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙම පුද්ගලයා නුවරඑළිය කඳවුරැවල පුහුණු වී තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරින් විසින් තහවුරු කරගෙන තිබේ.

මොහමඩ් රෆයිඩීන් මොහමඩ් අලි නැමැති මෙම සැකකරු වටදෙණිය,වෙලංබොඩ, ගම්පොළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අම්පාර රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින්ගේ තොරතුරු අනුව මේ වෙනවිට 16 දෙනෙකු අම්පාර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News