මිරිදිය ධීවර නිවාස සංවර්ධන වැඩසටහන යටතේ ලක්‍ෂය බැගින් නිවාස ආධාර

Share

මිරිදිය ධීවර ජනතාව නගාසිටුවීමේ වැඩපිළිවෙල යටතේ රුපියල් ලක්‍ෂයේ නිවාස ආධාර ප්‍රදානය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් අද (26) දින සිදුකෙරිණි.

මෙලෙස රුපියල් ලක්‍ෂයේ නිවාස ආධාර චෙක්පත් ලබාගත් මිරිදිය ධීවර පවුල් සංඛ්‍යාව 34 කි.  

ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන වැවක් ගමක් සමග දියවර අරුණ වැඩසටහන යටතේ මිරිදිය ධීවර ජනතාව නගාසිටුවීම සඳහා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ උපදෙස් මත විශේෂ නිවාස සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මකය.

මේ යටතේ තංගල්ල කොට්ඨාශයේ මිරිදිය ධීවර නිවාස සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්‍ෂයේ නිවාස ආධාර මුල් අදියර යටතේ රුපියල් 50.000 බැගින් චෙක්පත් මිට පෙර ප්‍රදානය කෙරුණි. අද ප්‍රදානය කෙරුනේ එහි දෙවැනි අදියරේ නිවාස ආධාර චෙක්පත්ය.

මෙහිදී අදහස් දැක්වූ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා,

මේ නිවාස ආධාර වැඩපිළිවෙල යටතේ නියම ධීවරයා වෙත ඒ ආධාර ලබාදීමට අපි කටයුතු කරගෙන යනවා. නියම සුදුස්සාට ආධාර ලබාදීමට හැකිවීමත් අපි ලද ජයග්‍රහණයක්. නමුත් පසුගිය පාලන කාලයේදීත් මෙවැනි ආධාර වැඩසටහන් අනන්තවත් ක්‍රියාත්මක කෙරුනා. ඒ ආධාර ගියේ කාටද. ඒ අය කලේ ඒ අයම බෙදාගැනීමයි. පසුගිය පාලන කාලයේ හදපු ගෙයකුත් නැහැ. ආධාර ලැබුණු කෙනෙකුත් නැහැ. නමුත් අපි රජයක් විදියට මේ කටයුතු නිවැරදිව කරගෙන යනවා.

ධීවර ජනතාවගේ හදගැස්ම දුක හදුනන ඇමතිවරයෙක් ලෙස මේ කර්මාන්තයට ආදරය කරණ කෙනෙක් විදියට ඔබ සියළු දෙනාගේ හෙට දවස සුරක්‍ෂිත කිරීම වගේම මේ කර්මාන්තය රැකගැනීම සඳහාත් මම කැපවී සිටිනවා. ඒ වගේම සමස්ථ ධීවර ජනතාවම නගාසිටුවාලීම සඳහා ඉදිරියේදීත් කැපවනවා යැයි ද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා සදහන් කළේය.

Read more

Local News