විද්‍යාත්මක ප්‍රකාශනයන් සඳහා වූ ජනාධිපති සම්මාන උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

Share

දේශීයව වැදගත් වන විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම සඳහා විද්‍යාඥයන්, පර්යේෂකයන් සහ තාක්ෂණඥයන් දිරිගැන්වීමේ අරමුණින් පැවැත්වෙන “විද්‍යාත්මක ප්‍රකාශනයන් සඳහා වූ ජනාධිපති සම්මාන උලෙළ” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ කොළඹ දී පැවැත්විණි.

2017 වර්ෂය ඇතුළත වෛද්‍ය, කෘෂිකාර්මික සහ ඉංජිනේරුමය ක්ෂේත්‍ර යටතේ උසස් ප්‍රමිතියකින් යුත් විද්‍යාත්මක පර්යේෂණවල නිරත වූ ආචාර්ය මහාචාර්යවරුන් 240කට අධික පිරිසක් මෙහි දී ඇගයීමට ලක් කෙරිණි.

ජාතික පර්යේෂණ සභාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සම්මාන උලෙළ මෙවර පැවැත්වුණේ දොළොස්වන වරට ය.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ, ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය ජනක ද සිල්වා, ජාතික පර්යේෂණ සභාවේ ප්‍රධාන විධායක නිලධාරිනි මනීෂා රාජපක්ෂ යන මහත්ම මහත්මීන් සහ විද්‍යාඥයන්, පර්යේෂකයන්, තාක්ෂණඥයන් ඇතුළු විද්වත් පිරිසක් මීට එක්ව සිටියහ.

Read more

Local News