විපක්ෂ නායකවරයාට තිබෙන වගකීම වාසු කියයි

Share

මහජන බැංකුව පුද්ගලිකරණය කිරීමේ ක්‍රියාදාමයක් පවතින බව සමාජවාදී ජනතා පෙරමුණ පවසයි.

අද (26) කෙළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස මේ වන විට ඇතැම් පිරිස් හදුන්වන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගෙන් මේ සම්බන්දයෙන් ඔහුගේ ස්ථාවරයා කුමන්ද යන්න වග විමසන බවද මන්ත්‍රීවරයා පැවසීය.

මුල්‍ය මධ්‍යස්ථානය පුද්ගලිකරණය කිරීම ආර්ථිකයේ යකඩ දෙරටුව බිඳ දැමීම හා සමාන බවද මන්ත්‍රීවරයා පහදයි.

පසුගිය සමයේ අසීයාවේ ආර්ථිකය කඩා වැටුන මොහොතක ශ්‍රී ලංකාවට එය බල නොපැවේ එම කාලයේදි ලංකාවේ ආර්ථිකය ශක්තිමත්ව තිබු නිසා බවද වාසුදේව නානායක්කාර මහතා පවසයි.

රුපියල බාල්දු වීම නිසා වත්මන් ආණ්ඩුව ගත් ණයවලට එකතු වු මුදල රුපියල් මිලියන 1760ක් බවත් එම මුදලින් රට තුල තවත් වරායන් කිහිපයක් හදන්න පුළුවන් බවද ඒ මහතා පෙන්වා දීය.

2019 වසරේ ආර්ථිකයේ වර්ධන වෙගයේ හීන වීම නිසා ලංකා බැංකුවද මේ වනක විට බය වී සිටින බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හදුන්ව සජිත් ප්‍රේමදාස මහතා සිය පක්ෂයේ අපේක්ෂකයා නොවන බව එම පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හො නොපවසන බැවින් සජිත්ගේ අපේක්ෂකත්ව ආපසු හරවන්න නොහැකි බවද මන්ත්‍රීවරයා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ සහය සෑම විටම එක්සත් ජාතික පක්ෂයට තිබු බවත් නමුත් මෙම ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ඇත්තේ ඔවුන්ට හිමි ඡන්ද ප්‍රමාණය දැනගැනීමට බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ සහය එක්සත් ජාතික පක්ෂයට වක්‍රව හො ලැබෙන බැවින් ඉදිරියෙදි යම් කිසි පෙරලියක් සිදු විය හැකි බවට තමන් සැක පල කරන බවද මන්ත්‍රීවරයා පවසයි.

කෙසේ වුවද තම පොදුජන පෙරමුණේ ඡන්ද කිසිදු විටකදි වෙනත් කෙනෙකු වෙත නොලැබෙන බවද මන්ත්‍රීවරයා පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකා පක්ෂයට පොදුජන පෙරමුණේ සහය නැතිව ඉදිරි ගමනක් නොමැති බවත් එම නිසා පොදුජන පෙරමුණේ නායකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමට බලවත් වගකීමක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට තිබෙන බවත් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

Read more

Local News