පිහියකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරයි

Share

බදුරලිය පොලිස් වසමේ තරුණ ගොවි ජනපදය ප්‍රදේශයේ දී මන්නා පිහියකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ගොවි ජනපදය ප්‍රදේශයේ දී පුද්ගල‍යින් දෙදෙනෙකු අතර ඇති වු බහින්බස් වීමක් දුර දිග යෑමෙන් එක් අයෙකු විසින් මෙලෙස අනෙක් පුද්ගලයාට මන්නා පිහියෙන් පහර දී තිබෙන බව පාෙලිසිය පවසයි.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 72 ක් වු ගොවි ජනපදය, පන්දොල, කෙලින් කන්ද යන ලිපිනයේ පදිංචි මහකුමාරගේ ප්‍රේමදාස යන අයෙක් බව අනාවරණය වී තිබේ.

මෘත ශරීරය සිද්ධිය වු ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය අද (27) සිදු කිරීමට නියමිතයි.

මෙම ඝාතනය සිදු කළ 59 ක් වු එම ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙන අතර බදුරලිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News