හෙරොයින් සමඟ තරුණයෙක් වීරගුල දී අත්අඩංගුවට

Share

වීරගුල, දෙමටලන්ද ක්‍රීඩා පිටිය අසල දී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලි ග්‍රෑම් 500 ක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

වීරගුල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (26) මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී වයස අවුරුදු 24 ක් වු දෙමටලන්ද, වතුරුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරු අද (27) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වීරගුල පොලීසීය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News