රට ඉබේම සංවර්ධනය වෙන හැට් මෙන්න

Share

සමෘද්ධිය ලබාදෙන ලෙස තවත් අයැදුම්පත් ලක්‍ෂ හතරක් පමණ ලැබී ඇති බවත් එම පිරිසෙන් ඇත්තටම සමෘද්ධිය හිමි විය යුතු ලක්‍ෂ තුනහමාරකට තව මාසයක් ඉක්ම යෑමට පෙර සමෘද්ධිය ලබා දෙන බවත් ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළේය.

දිස්ති‍්‍රක්ක 15 ක සමෘද්ධි පාලක මණ්ඩල සභාපතිවරුන් සහ සමෘද්ධිලාභීන් පිරිසක් හමුවේ පසුගියදා සුහුරුපාය අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයෙදි  පැවැති රැුස්වීමක් අමතමින් ඇමැතිවරයා ඒ බව කීය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.

“ජනතාව දිළිඳු බවින් මුදා ගැනීමට හැකි නම් රට ඉබේම සංවර්ධනය වෙනවා. කවුරුවත් රට සංවර්ධනය කිරීමට අමුතුවෙන් මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. ව්‍යාපාර 43 ක් මම ආරම්භ කර තිබෙනවා.

ඉන් 50000 කට පමණ රැකියා ලබා දී තිබෙනවා. ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතේ බෝග පැළ කෝටි දහයක් ජනතාවට ලබාදී තිබෙනවා.

වැඩිහිටියෝ ලක්‍ෂ 26 කට ද, ආබාධිත ජනතාව ලක්‍ෂ 20 කට ද අපේ අමාත්‍යාංශය යටතේ සේවය සපයා දිය යුතුයි. වැන්දඹු කාන්තාවන් ලක්‍ෂ හයහමාරක් ද, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවන් ඉන් මුදා ගැනීමට ද සමාජ සේවා දෙපාර්තමේන්තුවට ලොකු වගකීමක් තිබෙනවා. අමාත්‍යාංශවල නිලධාරීන් ගොඩක් හිටියත් වැඩ කරන පිරිස සීමිතයි.

සමෘද්ධිලාභීන්ට ගිය ආණ්ඩුවෙන් කෝටි 130 ක් ලබා දුන්නත් අපි ඒ මුදල කෝටි 500 දක්වා වැඩි කළා. සමෘද්ධි නිලධාරීන් වෙනුවෙන් ඔවුන් ලබා දුන් කෝටි 130 ක් අපි කෝටි 180 ක් දක්වා වැඩි කළා.

සමෘද්ධිය නිකම් දුන්නු පලියට අපට මිනිසුන් සවිබල ගන්වන්න පුළුවන්කමක් නැහැ. ව්‍යාපෘති 50000 ක් අපි ඒ සඳහා සැලසුම් කර තිබෙනවා. ඉන් ව්‍යාපෘති 20000 ක් මේ වසරේ කි‍්‍රයාත්මක කරනවා. ඔබේ සහාය ඒ සඳහා අවශ්‍යයි. පක්‍ෂ, පාට භේදයක් අපට නැහැ. ගමේ තිබෙන සම්පත්වලින් ප‍්‍රයෝජනයක් ගනිමු යැයි ද ඇමැතිවරයා කීය.

Read more

Local News