ශ්‍රී ලංකන්-මිහින් ලංකා අක්‍රමිකතා සෙවූ කොමිෂන් සභා වාර්තාව නීතිපතිට

Share

ශ්‍රී ලංකන් එයාර්ලයින්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා සමාගම් සම්බන්ධයෙන් අක්‍රමිකතා විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව ගත යුතු නීතිමය ක්‍රියා මාර්ග සඳහා, නීතිපතිවරයා වෙත යොමු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහාත් එම කොමිෂන් සභාවේ නිර්දේශ අනුව ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීමටත් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව හිමිව තිබේ.

2006-01-01 දින සිට 2018-01-31 දින දක්වා ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සමාගම සහ මිහින් ලංකා (පෞද්ගලික) සමාගම සම්බන්ධයෙන් සිදු කරන ලදැයි කියන අක්‍රමිකතා විමර්ශනය කර වාර්තා කිරීම පිණිස පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින්, විවිධ පාර්ශ්වවලින් ලද ලිඛිත හා වාචික පැමිණිලි සහ වෙනත් තොරතුරු පරීක්ෂා කර නිර්දේශ 32ක් ඇතුළත් ව සකස් කර ඇත.

Read more

Local News