නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට

Share

වයඹ නාවික විධානයට අයත් මුර සංචාරයේ නියුතු වෙරළබඩ යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් විසින් ඊයේ (06) කුදිරමලේට නැගෙනහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක්, තහනම් දැල් 05 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 283 ක් අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, අල්ලන ලද මසුන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සහකාර ධීවර අධ්‍යක්ෂ, පුත්තලම වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Read more

Local News