ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ නම වෙනස් කරන්න අනුමැතිය

Share

ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය යන නාමය ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ දෙපාර්තමේන්තුව ලෙස සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයට ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ පද්ධතිය පරිපාලනය කිරීමේ පූර්ණ බලතල පැවරී ඇත.

එයට අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර හා දේශීය ආයතන සමඟ කටයුතු කිරීමේදී ඇති වී ඇති ගැටළු නිරාකරණය සඳහා ‘ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය’ යන නාමය ‘ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ දෙපාර්තමේන්තුව’ ලෙස සංශෝධනය කිරීමට එකඟත්වය පල වී ඇත.

ඒ අනුව, 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 04 (1) වගන්තියේ ‘ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය’ යනුවෙන් වන හැඳින්වීම, ‘ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ දෙපාර්තමේන්තුව’ ලෙස සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය හිමි තිබේ

Read more

Local News