මෙන්න අද කාලගුණ තත්ත්වය

ඉදිරි පැය 24ක කාලය තුළ තුළ දිවයිනේ දිස්ත්‍රික්ක රැසකින් මිලිමීටර 100ත් 150ත් අතර තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලින් තද වැසි අපේක්ෂා කරන බවයි.

එමෙන්ම අනුරාධපුරය, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දිවයින පුරා විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කොළඹ, කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ද ඇති විය හැක.

අනුරාධපුරය, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 27 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (29) දහවල් 12.12ට තිරුකෙස්වරම්, වද්දකන්දල්, පලයිමොද්දෙයි, පරාක්‍රමපුර සහ කල්ලරාව යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.