මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

මෙත්ඇම්පිටමින් හා හෂිස් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සමත්ව තිබේ.

ඊයේ (28) පස්වරුවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකුට ලද පෞද්ගලික තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී වත්තල පොලිස් වසමේ ශාන්ත සෙබස්තියන් මාවත, මාටාගොඩ, හැදල, වත්තල ලිපිනයේ පිහිටි නිවසක් ඉදිරිපිට මාර්ගයේ ත්‍රීරෝද රථයක් පරීක්ෂා කර මෙත්ඇම්පිටමින් කිලෝ 1 යි ග්‍රෑම් 157 ක් හා හෂිස් ග්‍රෑම් 413 ක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 38 ක් වු අයෙක්.

සැකකරු සන්තකයේ තිබී ජාවාරමින් උපයා ගන්නා ලද මුදල් රුපියල් 12,4980 ක මුදලක් හා ත්‍රීරෝද රථයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

අද (29) දින සැකකරු වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News