මොණරාගල සිදුවු අනතුරකින් කතක් මරුට – හතකට තුවාල

Share

මොණරාගල මරගල කඳු රක්ෂිතයේ සිරි නැරඹීමට ගිය දේශීය සංචාරකයන් රැගත් කැබ් රථයක් කඳු බෑවුමෙන් පහළට පෙරලී සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් හත්දෙනෙකු බරපතළ තුවාල සිදුව ඇත.

මෙසේ අනතුරට ලක් වී ඇත්තේ දඹගල්ල සහ ලුණුගම්වෙහෙර යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් වන අතර අනතුරින් පසු තුවාලකරුවන් කඩිනමින් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළුත් කර ඇති අතර ඒ වන විටත් එක් කාන්තාවක් මියගොස් ඇත.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ දඹගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක් වන කාන්තාවක් වන අතර ඇයගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (29) සිදු කිරීමට නියමිතයි.

තුවාල ලැබූ අනෙක් හත්දෙනා මේ වන විට මොණරාගල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අනතුර සම්බන්ධයෙන් විමර්ශන මොණරාගල මූලස්ථාන පොලීසිය විසින් සිදු කරයි.

Read more

Local News