ශ්‍රීලනිප මන්ත්‍රිවරු තිදෙනෙක් ගෝඨා හමුවෙයි

Share

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් තිදෙනෙක් ගොස් තිබේ.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, එම පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න සහ නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර යන අයයි.

මේ අතර අද උදෑසන එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී දිසානායක සහ ඩීලාන් පෙරේරා යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

Read more

Local News