විනය ක්‍රියාමාර්ග ගන්න තරම් මම කිසිම වරදක් කරලා නෑ

Share

විනය ක්‍රියාමාර්ග ගැනීමට තරම් තමන් කිසිදු වරදක් සිදු කර නොමැති බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

අද(29) කඩුවෙල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමත්‍යවරයා පවසා සිටියේ විනය ක්‍රියාමාර්ග ගත යුතු පුද්ගලයින් පක්ෂය තුළ සිටින බවත් ඔවුන් වෙනුවෙන් පක්ෂය තවමත් කිසිදු ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත්ය.

විනය ක්‍රියාමාර්ග ගැනීමට කරම් තමන් කළ වැරද්ද කුමක්ද යන්න තමා නොදන්නා බවත් පක්ෂයේ නායතක්වය කිසිදු විටෙක තමන් විචේචනය කර නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මේ අතර අමාත්‍ය සුජීව සේනසිංහ මහතා වැඩිදුටත් පවසා සිටියේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ හොත් එක්සත් ජාතික පක්ෂයේ සහ රටේ අනාගතය වෙනසක් සිදු වන බවයි.

Read more

Local News