කේරළ ගංජා තොගයක් සමඟ තිදෙනෙක් නාවික හමුදා බාරයට

Share

නාවික හමුදාව සහ මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ (29) දින මන්නාරම, උදයපුරම් ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 650 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානය සහ මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මන්නාරම, උදයපුරම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී සැකකටයුතු පුද්ගලයන් තිදෙනෙකු නිරික්ෂණය කර ඇත.

එම පුද්ගලයන් වැඩිදුර පරික්ෂා කිරිමේදි ඔවුන් සතුව තිබි මෙම කේරළ ගංජා තොගය පාර්සල් දෙකක අසුරා තිබියදි සොයා ගන්නා ලදි.

මෙම සැකකරුවන් වයස අවුරුදු 18, 26 සහ 43 වන වියෙහි පසුවන උදයපුරම්, මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගෙන තිබේ.

එම සැකකරුවන් සහ කේරළ ගංජා තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම, පොලීසිය වෙත බාර දීමට කටයුතු කරන ලදි.

Read more

Local News