සියොන් ප්‍රහාරකයෙගේ හිස කොටස සුසාන භූමියෙන් ඉවත් කරන්න නියෝගයක්

Share

මඩකලපුව සියොන් දේවස්ථානයේදී බෝම්බයක් පුපුරුවා ගෙන ජිවිත ගණනාවක් විනාශ කරන ලද ඝාතකයාගේ හිස කොටස මඩකලපුව, කල්ලියන්කාඩු සුසාන භූමියෙන් ඉවත් කර සුදුසු ස්ථානයක මිහිදන් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මඩකලපුව මහේස්ත්‍රාත්ව ඒ.සි. රිස්වාන් මහතා දිසාපතිවරයාට අද (30) නියෝග කර තිබේ.

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම බෝම්බකරුගේ හිස කොටස පසුගිය අගෝස්තු මස 26 වෙනිදා මඩකලපුව, කල්ලියන්කාඩු සුසාන භූමියේ වලදැමූ අතර එයට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. වියාලේන්ද්‍රන් ඇතුළු ජනතාව විරෝධතාවයක් පවත්වනු ලැබුවේය.

ඒ අනුව මඩකලපුව දිසාපති එම්.උදයකුමාර් මහතා විසින් මෝසමක් මඟින් අධිකරණයට පවතින තත්ත්වය පිළිබඳව වාර්තා කරනු ලැබුවේය.

දිසාපතිවරයා ගොනු කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.රිස්වාන් මහතා විසින් නියෝග කළේ එම හිස කොටස ලබන සැප්තැම්බර් මස 02 වනදාට පෙර නැවත ගොඩ ගෙන රොහල් මෘත ශරිරාගාරයේ තබන ලෙසයි.

Read more

Local News