හෙරොයින්, කේරළ ගංජා සමඟ හතරක් අත්අඩංගුවට

Share

කටුගස්තොට ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 217ක් සහ කේරළ ගංජා මිලි ග්‍රෑම් 1832ක් ළඟ තබා ගෙන සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අද (31) මෙම වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා වයස අවුරුදු 20-30 ත් අතර පසුවන්නන් වෙයි.

ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News