ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් ජනතා අයිතියට පත් කෙරේ

Share

යාපනය, පුන්කුඩිතිවු ප්‍රදේශයේ කන්නාහි අම්මාන් කෝවිල් පරිශ්‍රයේ නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.‍

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදාව විසින් කන්නාහි අම්මාන් කෝවිල් පරිශ්‍රයේ ඉදිකළ මෙම මුහුදු ජල ප්‍රති ආශ්‍රැතකරණ ජල පිරිපහදු පද්ධතිය ජනතා අයිතියට පැවරීම ජනාධිපතිවරයා අතින් කිලිනොච්චිය කලාප අධ්‍යාපනය කාර්යාලයේ සිට ඩිජිටල් තාක්ෂණය මගින් සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගි වී සිටියහ.

Read more

Local News