පාසල්වල තෙවන වාරය හෙට අරඹයි

Share

රජයේ සහ අනුමත පුද්ගලික පාසල්වල තෙවන වාරය සඳහා අධ්‍යයන කටයුතු හෙට (02) ආරම්භ වේ.

උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදාගනු ලබන පාසල් 12ක් පමණක් ලබන 16 වැනිදා අධ්‍යයන කටයුතු ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

කොළඹ රාජකීය විද්‍යාලය, නාලන්දා විද්‍යාලය, හින්දු විද්‍යාලය, කළුතර ඥානෝදය මහා විද්‍යාලය, රත්නපුර මිහිඳු විද්‍යාලය, කුරුණෑග ශාන්ත ආනා විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, විහාරමහාදේවී බාලිකා විද්‍යාලය, සීතා දේවී බාලිකා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, බදුල්ල විහාරමහාදේවී බාලිකා විද්‍යාලය සහ ඌව මහා විද්‍යාලය තෙවන පාසල්වාරය සදහා ලබන 16 වැනිදා විවෘත කෙරේ.

Read more

Local News