එජාප ජනපති අපේක්ෂකයා තීරණය කරලා අවසන්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කර අවසන් බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ඊයේ (31) මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරණය පිළිබඳ තවමත් නිල වශයෙන් ප්‍රකාශ වී නැති බවත් අනෙකුත් පක්ෂ සිය අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට ඉක්මන් වුවද එක්සත් ජාතික පක්ෂයට ඉක්මන් වීමට අවශ්‍ය නැති බවත් ඒ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

“අපේ ගමන අපි යන්නම්. කලබල වෙන්න එපා. අපේ වැඩ අපි බලාගන්නම්. විපක්ෂයට මේ කියන්නේ..

අපේක්ෂකයා කවුද කියලා අපි සාකච්ඡා කරලා තීරණය කරලා ඉවරයි.

නිල වශයෙන් කියනකල් බලාගෙන ඉන්න.