පාසල් වල තෙවන වාරය අද ඇරඹෙයි

Share

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය අද (02) දිනෙන් ආරම්භ වෙයි.

කෙසේ වෙතත් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු සඳහා යොදාගන්නා පාසල්වල තෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 16 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

උසස් පෙළ ඇගයිම් කටයුතු සඳහා පාසල් 12 ක් පූර්ණ වශයෙන් යොදා ගැනීමට නියමිතයි.

ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය, නාලන්දා විද්‍යාලය, හින්දු විද්‍යාලය, කළුතර ඥානෝදය මහා විද්‍යාලය, රත්නපුර මිහිදු විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර විහාරමහාදේවි බාලිකා විද්‍යාලය, මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, බදුල්ල විහාරමහාදේවි බාලිකා විද්‍යාලය සහ බදුල්ල ඌව මහා විද්‍යාලය යන පාසල් තවදුරටත් වසා තැබෙනු ඇත.

Read more

Local News