නාවික හමුදා මෙහෙයුමකින් බීඩි කොළ තොගයක් සොයා ගැනේ

Share

නාවික හමුදාව විසින් ඊයේ (01) දින ඉරණතිව් දුපතේ සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩිකොළ තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් ඉරණතිව් දුපතේ වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයේ සිදු කළ පා මුර සංචාරයකදී වෙරළට ගොඩගසා තිබූ සැක කටයුතු පාර්සල් දෙකක් නිරික්‍ෂණය කර ඇත.

එම පාර්සල් පරික්‍ෂා කිරීමේදී එහි තුල තිබි බීඩී කොළ කිලෝග්‍රෑම් 100 ක් සොයාගෙන ඇති අතර, සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

Read more

Local News