විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අතර සාකච්ඡාවක් අද

Share

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින්ගේ සාකච්ඡාවක් අද (02) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

එම කාරක සභාවේ සභාපති ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළේ අද පස්වරු 3.30ට පාර්ලිමේන්තුවේ දී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

එහිදි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව සකස් කිරීමට අදාළව කමිටු සාමාජිකයන්ගේ අදහස් හා නිර්දේශ ලබාගැනීමට නියමිතව තිබේ.

මේ වන විටත් අදාළ වාර්තාව සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළේය.

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පැමිණෙන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිදුකර ඇති ලිඛිත ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි වාර්තා වේ.

ජනාධිපතිවරයා ඒ සදහා ප්‍රතිචාරයක් ලබානොදුනහොත් කඩිනමින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව සකස් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළේය.

Read more

Local News