රජයේ විධායක නිලධාරීන් 04වනදා අසනීප වෙයිද ‍?

Share

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ලබන 04වනදා අසනීප නිවාඩු වාර්තා කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයකට එක්වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි.

කොළඹදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයින් මේබව ප්‍රකාශ කළේය.

වැටුප් විෂමතා, දීමනා ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වී ඇති බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

4 වනදාට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගය වෙනුවෙන් කිසිදු පියවරක් නොගතහොත් අඛණ්ඩව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කිරීමට වන බවත් එම කමිටුව ප්‍රකාශ කරයි.

Read more

Local News