දුමින්දට සිතාසි

Share

රාජ්‍ය ආයතන වල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනීසිටින ලෙස දුමින්ද දිසානායක මන්ත්‍රිවරයාට සිතාසි නිකුත් කර තිබේ.

ඒ අනුව අනිද්දා පෙරවරු 09.30ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රිවරයාට දැනුම් දී ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක බදු පදනම මත කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාමේදී සිදුවු අක්‍රමිකතාවක් සිදුව ඇති බවට ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඊට අදාළව සිදුකෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබා දීමට දුමින්ද දිසානායක මන්ත්‍රිවරයාට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

මේ අතර අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා අද ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටිමට කැඳවා තිබුණද ඒ සඳහා ඔහු වෙනත් දිනයක් ඉල්ලා ඇති බව වාර්තා වේ.

Read more

Local News