මඩකලපුව සියෝන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ හිස කොටස හා ශරීර කොටස් අද(02) ගොඩ ගෙන තිබේ.
මඩකලපුව කල්ලියන්කාඩු සුසාන භූමියේ භූමදානය කර තිබු මෙම මරාගෙන මැරෙන බෝම්බකරුගේ හිස හා ශරීර කොටස් මඩකලපුව මහේස්ත්‍රාත් වරයාගේ, මඩකලපුව අධිකරණ වෛද්‍ය නිලධාරිනිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉදිරියේ ගොඩ ගෙන ඇත.
මේ වන විට හිස හා ශරීර කොටස් මඩකලපුව රෝහලේ මෘත ශරීරාගාරයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇත.
මෙම මෘත ශරීරයේ කොටස් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් විසින් දැනුම් දෙන ස්ථානයක ඉදිරි දිනයක දී භූමදානය කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.