රාජ්‍ය ආයතනවල අඩුපාඩු අවම කරගැනීම බලාපොරොත්තු වෙනවා – ලසන්ත අලගියවන්න

Share

රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සිව්වැනි වාර්තාව අද (8) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

පාර්ලිමේන්තුවට හිමි වගකීම කාරක සභාව තුළින් සාර්ථකව ඉටු කරගැනීමට හැකි වීම ගැන සතුටු වෙනවා. ආයතන 36ක වාර්තාව ඇතුළත් කරන්නේ. නවීන තාක්ෂණය භාවිතා කරලා ආයතන 832ක වාර්තාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වාර්තාවේ දී බලාපොරොත්තු වෙන්නේ, ආයතන වල අඩුපාඩු අවම කරගැනීමයි. එය හොඳ කරුණ ලෙසයි, අවබෝධ කරගෙන තිබෙන්නේ.

ගිණුම් කාරක සභාවේ මඟ පෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අඩුපාඩු සකස් කරගැනීමට හැකි වී තිබෙනවා. රාජ්‍ය ආයතන 832 වාර්තා ඊළඟ වර්ෂයේ ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කරලා, ඉදිරි පියවර ගැන තීන්දි තීරණ ගත යුතුයි. ගිණුම් කාරක සභාවේ වාර්තා ඉදිරිපත් කර තිබුණත් ඒ පිළිබඳව ඉදිරි පියවර තවමත් සාකච්ඡා කර නෑ. ඉදිරි දිනවලදී මෙම වාර්තා පිළිබඳව පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කර ඉදිරි පියවර ගැන අනුමැතිය ලබාදෙන්න යැයි ද අමාත්‍යවරයා වාර්තාව සභාවට ඉදිරිපත් කරමින් පැවසී ය.

මේ පිළිබඳව අවධානය යොමු කරනවා. පක්ෂ නායකවරුන්ගේ අවධානය යොමු වේ යැයි සිතනවා. ඉදිරියේ දී මේ පිළිබඳව අධ්‍යනය කරනවා යැයි ද කතානායක කරූ ජයසූරිය මහතා අඳහස් දක්වමින් සඳහන් කළේ ය.

Read more

Local News