ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝබර් 11

Share

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝබර් 11 වන දින පැවැත්වීමට තීරණය කර ඇත.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසම වෙත අගෝස්තු 30 දින නියෝග කර තිබුණි.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම නියෝගය ලබා දුන් බව අප අධිකරණ වාර්තාකරු පැවසුවේය.

එමෙන්ම ප්‍රතික්ෂේප කළ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා පත්‍රය භාර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල ප්‍රාදේශීය සභාව භාර තේරීම්භාර නිලධාරීයාට නියෝග කර තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට  තමන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධී බව සඳහන් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම පිළිබඳව විභාගයක් පැවැත්වීමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි විභාගය අවසන් වන තෙක් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් තහනම් නියෝගයක් මීට පෙර  නිකුත් කර තිබුණි

Read more

Local News