ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 4286කට ගුරු පත්වීම්

Share

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 4286 දෙනෙකුට ගුරු පත්වීම් ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී 08 වැනිදා (ඉරිදා) පෙ.ව. 10.00 ට පැවැත්වීමට නියමිතයි.

විද්‍යාපීඨ 19කදී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍යයන්ගෙන් විෂයයන් 31කින් පාඨමාලා හදාරා සිටින මෙම පිරිස, අධ්‍යාපන ඩිප්ලෝමාධාරී වෘත්තීය ගුරුවරුන් වශයෙන් සලකනු ලබයි.

මෙම පිරිසෙන් 2340 දෙ‍නෙකු සිංහල මාධ්‍යයෙන් ද, 1300 දෙ‍නෙකු දෙමළ මාධ්‍යයෙන් ද, 646 දෙනෙකු ඉංග්‍රිසි මාධ්‍යයෙන් ද දෑ අවුරුදු පාඨමාලා හදාරා, වසරක කාලයක් සීමාවාසික ගුරු පුහුණුව සම්පූර්ණ කර සිටිති.

ජාතික හා පළාත් පාසල්වල ගුරු හිඟය පියවා සිසු දරුවනට අඩු පාඩුවකින් තොරව අධ්‍යාපනය ලබා දීම  පිණිස එම ගුරුවරුන් කඩිනමින් පාසල්වලට ස්ථානගත කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ්කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Read more

Local News