බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව ලබන මාසයේදි

Share

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන මහ බැංකු වෝහාරික විගණන කටයුතු ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව, ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර ආයතන දෙකක් විගණන 5 ක් සම්බන්ධයෙන් මේ වන විට විගණන කටයුතු සිදුකරමින් ඇති බවයි.

සිදුවන වෝහාරික විගණනවලින් පසු ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ ඉදිරි විමර්ශන සම්බන්ධයෙන්, නීතිපති උපදෙස් යළි ලබා ගැනීමට අපේක්ෂා කරන බවද, මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ ය.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට 2017 වසරේ ජනවාරි 27 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති කොමිසමක් පත් කරනු ලැබී ය.

එම කොමිසම ලබාදුන් වාර්තාවේ ප්‍රධාන නිර්දේශ අතර පර්පෙචුවෙල් ට්‍රේෂරිස් සමාගම සිදුකළ සියලු ගනුදෙනු පිළිබඳව වෝහාරික විගණනයක් පැවැත්විය යුතුය යන්න සඳහන් ය.

Read more

Local News