සහරාන්ගේ දියණිය බිරිඳගේ මව්පියන් භාරයට

Share

පාස්කු ඉරුදින ප්‍රහාරයේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් හෂීම්ගේ දියණිය ඔහුගේ බිරිඳගේ මව්පියන්ට භාරදීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සහරාන්ගේ බිරිඳ ද මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටීම නිසා අදාළ දැරිය පරිවාස භාරයට හෝ සුදුසු භාරකාරත්වයක් යටතට පත්කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අදාළ නියෝගය ලබා දී ඇති බව වාර්තා වෙයි.

කටුපොත ප්‍රදේශයේ පිහිටි සහරාන්ගේ බිරිඳගේ මව්පියන්ගේ භාරයෙන් ඉවත්කොට වෙනත් කිසිදු පාර්ශවයකට අධිකරණයේ අවසරයකින් තොරව එම දැරියව භාරදිමක් සිදුනොකරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සිව් හැවිරිදි එම දැරිය සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයකින් පසුවන ලෙස කුලියාපිටිය පරිවාස නිලධාරීවරයාට ද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් නියෝග කර ඇති බව වාර්තා වෙයි.

Read more

Local News