ලංකාව හා ශක්තිමත් සහයෝගීතාවකින් කටයුතු කරනවා

Share

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සංස්කෘතික මෙන්ම සමාජ සබඳතා ලිඛිත ඉතිහාසයටත් වඩා ඈතට දිව යන බව මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා පවසයි.

දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) දින මාලදිවයින් ජනාධිපති මන්දිරයේ දී එරට ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව දෙරට නායකයන් දෙපළ ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.

එහිදි අදහස් දක්වු මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා මේ බව පැවසීය.

මාලදිවයිනේ සෞඛ්‍ය, අධ්‍යාපන, තරුණ කටයුතු, ක්‍රීඩා ආදී විවිධ ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ලබාදෙන නොමද සහයෝගය වෙනුවෙන් ස්තුතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවද ඒ මහතා එහිදි ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින මේ යුගයේ දී ලබා ඇති සංවර්ධන ප්‍රගතිය පිළිබඳව මෙහිදී සමාලෝචනයට ලක් කළ බවද ඔහු පවසයි.

ඒ අනුව ඉදිරි කටයුතු වඩාත් ශක්තිමත් සහයෝගීතාවකින් සිදු කිරීමට හැකි වනු ඇති බව සිය හැඟීම බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ජනතාව මාලදිවයිනේත්, මාලදිවයිනේ ජනතාව ශ්‍රී ලංකාවේත් ආර්ථිකය ශක්තිමත් කිරීමේ කටයුතු සඳහා විශාල දායකත්වයක් සපයමින් සිටින බවද ඔහු පෙන්වා දෙයි.

එම දායකත්වය ඉදිරියටත් තව තවත් වර්ධනය කර ගනිමින් දියුණුව කරා යාම සිය අරමුණ බවද ඔහු පවසයි.

Read more

Local News