යුනෙස්කෝ ජාත්‍යන්තර ගෘහනිර්මාණ ශිල්පීන්ගේ සංගමය(UNESCO- UIA) 2029 වසරේ ලෝක ගෘහනිර්මාණ අගනුවර ලෙස බෙයිජිං නගරය නම් කරයි. ඊයේ(05) යුනෙස්කෝ සංවිධානය මේ බව නිවේදනය කළේය.
ලෝක ගෘහනිර්මාණ අගනුවර වැඩසටහන යුනෙස්කෝ සහ UIA විසින් ඒකාබද්ධව ස්ථාපිත කරන ලදී. එමගින් තිරසර නාගරික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී ගෘහනිර්මාණ ශිල්පය, නාගරික සැලසුම්කරණය, සංස්කෘතිය සහ උරුමයන්ගේ පරිවර්තනීය භූමිකාව නිරූපනය කරයි. සෑම වසර තුනකට වරක්ම UIA ලෝක සම්මේලනය පැවැත්වෙන නගරය ලෝක ගෘහනිර්මාණ අගනුවර ලෙස නම් කෙරේ.
යුනෙස්කෝ සංවිධානයට අනුව, ලොව පොහොසත්ම ගෘහනිර්මාණ උරුමයන්ගෙන් එකක් වන අතර තිරසර නාගරික සංවර්ධනයේ අනාගත දැක්මක් සමග එක්ව ගමන් කිරීමට පවතින සුවිශේෂ හැකියාව හේතුවෙන් බෙයිජිං නගරය තෝරා ගෙන තිබේ.
බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නගරය 2020 වර්ෂයේදී යුනෙස්කෝ-UIA ලෝක ගෘහනිර්මාණ අගනුවර ලෙස නම් කරන ලද පළමු නගරයයි. ඉන් පසුව ඩෙන්මාර්කයේ කෝපන්හේගන් සහ ස්පාඤ්ඤයේ බාර්සිලෝනා යන නගර නම් කෙරිණ.
Share
Read more



