වැඩකරන ජනතාව සතුරා අඳුරගන්න ඕනේ

Share

වැඩකරන ජනතාව විසින්ම තම සතුරා හඳුනාගත යුතු බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.

මාතලේ පැවති වැඩසටහනක් අමතමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරට අදහස් දක්වමින්  අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසීය.

“ජනාධිපති අපේක්ෂයන් දෙන්නෙක් තුන්දෙනෙක් නම් වෙනකොට. තැන් නැත්වල හිටපු අපේක්ෂකයන් පල්ලම් බැහැලා. තමන්ගේ නවානැන් හොයන්න පටන් අරන් තියෙන්නේ.

ඒ මොකද රටේ ජනතාව දේශපාලනිකව. දෙශපාල දැනුමෙන්, දේශපාලන අවබෝධයෙන් සන්නද්ධ වෙන එක හොඳයි. ඒ මොකද එහෙම වුණාම රටක් වෙනස් කරන්න.

ඒක උදව් වෙන නිසා. හැබැයි ඉතින් ඒ වෙනස් වෙන්න ඕන රට පිළිබඳවත් වෙනස මොකක්ද කියන එක ගැනත් ජනතාවට තියෙන්න ඕන අදහසක්.

සතුරා අඳුරගන්න ඕනේ. අනතුර හරියට අඳුරගන්න ඕනේ. අනතුර තියෙන්නේ කාගෙන්ද කියලා අඳුරගන්න ඕනේ.  ඒ නිසා මේ වැඩ කරන පංතියට අනතුර තියෙන්නේ කාගෙන්ද“

Read more

Local News