එජාපෙ ජනපති අපේක්ෂකයා ගැන ගැටළුවට ලබන 06 වැනිදා විසදුමක්

Share

එක්සත් ජාතික පෙරමුණ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් පවතින ගැටළුවට ලබන 06 වනදා පැවැත්වෙන සාකච්ඡාවේදී විසදුමක් ලබා ගැනිමට කටයුතු කරන බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ  ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව අනාවරණ නොකිරීම එක්සත් ජාතික පෙරමුණු පාක්ෂිකයින්ට කරන අසාධාරණයක් බවයි.

කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

කෙසේ හෝ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා තෝරා පත් කරන බව මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා පවැසීය.

Read more

Local News