මෙතරම් සංවර්ධනයක් කරන ලද ආණ්ඩුවක් මීට පෙර බිහිවී නෑ

Share

විවිධාකාර ප්‍රශ්න රාශියකට මුහුණ දෙම්න් වසර හතරක කෙටි කාලයක දී සංවර්ධනය උදෙසා මෙතරම් විශාල වැඩ කොටසක් ඉටු කරන ලද වෙනත් ආණ්ඩුවක් මේ රටේ මීට පෙර බිහි නොවූ බව අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රජා සංවිධාන නියෝජිතයන්ගේ සේවය අගය කිරීම සඳහා ඊයේ (03) පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේය.

ඉදිරියට යා නොහැකි තරම් ආර්ථික ප්‍රශ්ණවලින් බිත්තියට හේත්තු වීම නිසා පසුගිය රජය නියමිත කාලයට දෙවසරකට පෙර විසුරුවා හැරි බව සිහිපත් කළ අමාත්‍යවරයා 2015 දි අග්‍රාමාත්‍ය පදවිය බාරගත් රනිල් වික්‍රමසිංහ මහතා විධායකයේ ප්‍රශ්න, ජාතික ආණ්ඩුවේ ප්‍රශ්න, මාධ්‍ය හා වෙනත් බොහෝ ප්‍රශ්වනලට මුහුණ දෙමින් ඉටුකරන ලද විශාල වැඩ කොටස විස්තර කළේය.

රජය බලයට පත් වි ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම, අසිමිත ජනමාධ්‍ය නිදහසක් ලබාදීම, රාජ්‍ යසේවයේ වැටුප 106%කි න් ඉහළ නැංවීම, විශ්‍රාම වැටුප විශාල ප්‍රතිශතයකින් ඉහල නැංවිම ආදී කටයුතු ඉටුකරගෙන යනවිට දී රාජ්‍ය බලය දින 51 ක කාලයකට ගිලිහි ගිය බවත් නැවත බලය ලබා ගැනිමට හැකි වීමෙන් පසු ගත වු මාස හයක පමණ කාලය තුළ ඉතිහාසයේ කවර දිනක හෝ නොවු විරු වැඩ කොටසක් ඉටුකළ හැකි වු බවත් අමාත්‍යවරයා පැවසීය.

ළගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ ව්‍යාපෘති 18000ක් ක්‍රියාත්මක කළ බවත් ඒ යටතේ පාසල් ගොඩනැඟිලි 1500-2000 ක් තනා නිමකළ බවත් ඉදිරි සතියේ දී පාසල් ගොඩනැගිලි 500 ක් එක් දිනක් තුළ විවෘත කිරීමට නියමිත බවත් අමාත්‍ය වරයා ප්‍රකාශ කළේය.

ජාතික පාසල්වල අ.පො.ස උසස්පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට මේ මාසයේ දී ටැබ් පරිගණක 97000ක් ලබා දෙන බව පැවසු අමාත්‍යවරයා ඉන් පසුව උසස්පෙළ සියලුම සිසුන්ට ටැබ් පරිගණක ලබා දෙන බව අමාත්‍යවරයා කීවේ ය.

සියලුම පාසල් දරුවන්ට සුරක්ෂා රක්ෂණය ලබා දීම, දහතුන්වසරක සහතික කළ අධ්‍යාපනයෙන් උසස්පෙළට වෘත්තීය විෂයයන් හඳුන්වාදීම අධ්‍යාපනයේ මෙම කෙටිකාලය තුළ සිදුකරන ලද විප්ලවීය වෙනස්කම් අතරින් කිහිපයක් බව අමාත්‍යවරයා පැවසීය.

“මා අධ්‍යාපන අමාත්‍ය ධුරය බරගන්නාවිට විදුලිය සහිත පාසල් තිබුණේ 68% යි. එය 98% දක්වා වැඩිකළා. පානීය ජල පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් නොමැති පාසල් වලට එම පහසුකම් ලබා දුන්නා. විද්‍යාපීඨ ආරම්භ කළේ අග්‍රාමාත්‍යතුමාගේ සංකල්පයක් අනුවයි.

දැන් විද්‍යාපීඨ ගණන විස්සයි. 20 වැනි පීඨය රු. මිලියන 3000/= ක වියදමින්  කුලියාපිටියේ ඉදිකෙරෙනවා. විද්‍යාපීඨ අභ්‍යාසලාභින්ගේ දීමනාව රු.3500/= සිට 5000/= දක්වා වැඩිකළා. මහපොළ ශීෂ්‍යාධාරය ද අපේ ආණ්ඩුවෙන් රුපියල් 3500/= සිට 5000/= දක්වා වැඩි කළා” යැයි ද අමාත්‍යවරයා පැවසුවේ ය.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත් දරුවන්ගේ ශිෂ්‍යාධාරය රුපියල් 500/=‍ සිට 750/= දක්වා වැඩි කිරිමට තමාගේ කැබිනට් පත්‍රිකාවට අනුව අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවත්, ආබාධිත දරුවන් සඳහා ලබා දෙන මුදල වැඩිකිරීමටත් තීරණය කළ බවත් වැඩිදුරටත් අමාත්‍යවරයා එහි දී අවධාරණය කළේ ය.

පසුගිය රජය සමයේ ඉදිකරන ලද අධිවේගී මාර්ග ප්‍රමාණයට වඩා වැඩි සංඛ්‍යාවක් ඉකුත් අවුරුදු තුනහමාරේ දි ඉදි කළ බවත් රන් මාවත් වැඩසටහනෙන් ද රටේ පාරවල් තැනෙන බවත් පැවසු අමාත්‍යවරයා “ගම්පෙරළිය වැඩසටහනෙන් සෑම ආසනයකටම රුපියල් ලක්ෂ 4,000/= ලබා දුන්නා.

2015 දී ආණ්ඩුව පත් වුණාට පසු ග්‍රාමසේවා වසම් 14,000 ට රුපියල් ලක්ෂ 15/= බැගින් ලබා දුන්නා. දෙවැනි අවුරුද්දේ ලක්ෂ 10/= බැගින් දුන්නා. පසුගිය ආණ්ඩුව ගමට එපමණ මුදල් දුන් නෑ. සෞඛ්‍යය, සමෘද්ධි හා නිවාස සංවර්ධනයට විශල මුදලක් අපි වැය කළා” යැයි ද අමාත්‍යවරයා පැවසිය.

පසුගිය ආණ්ඩුව නැවත බලයට පත් කර ගැනිමට ජනතාවට වුවමනාවක් නොමැති බව තමාට පෙනියන බවත් සඳහන් කළ අමාත්‍යවරයා ඉකුත් පළාත් පාලන ඡන්දයේ දී පොහොට්ටුවට 40% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණ ද ඔවුන්ට විපක්ෂව 60% ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුණු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

ඉදිරි ජනාධිපතිවරණයේ දි අප එකමුතුව විනය ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නේ නම් සටනක් ලබාදීම අපහසු නැතැයි සඳහන්කළ අමාත්‍යවරයා හැමදෙනාම එකඟ කරගනිමින් ඉදිරියට යාම සඳහා කටයුතු කරගෙන යන්නේ යැයි ද ප්‍රකාශ කළේ ය.

Read more

Local News